Posts

සුභ උපන්දිනයක් මගේ මවුනේ ❤️67❤️

 

තෙත් බිමේ පුරෝගාමියා

Image
  සතුන් හා මිනිසා අතර බැඳීම අතීතයේ සිට පැවතියද, අපි ඇතැම් සතුන්ගේ නම කියූ සැනින් දක්වන්නේ බියකි. කිඹුලාද එවැනි භීතිය දනවන සතෙකි. ඒ කිඹුලාට මිනිසුන්ව හසු වුවහොත් කා දමන නිසාය. නමුත් කිඹුලා කියන්නේ එතරම් බිය විය යුතු සතෙක්ද? නැතිනම් අනෙකුත් සතුන්ගෙන් ඌ සුවිශේෂී වන්නේ ඇයි? යන කාරණාවන් සේම, කිඹුලාගේ ජීවන පැතිකඩේ කරුණු කිහිපයක් පිළිබඳව, කිඹුලන් පිළිබඳ පර්යේෂණ අධ්යලයනයන් සිදුකරන වනජීවී නිලධාරී ප්‍රදීප් රත්නසිරි මහතාගෙන් අදහස් විමසීමක් කළෙමු. කිඹුලන් යනු? කිඹුලන් යනු උරග විශේෂයක්. මොවුන් අවුරුදු මිලියන 230ක් 260ත් අතර කාලයක සිට පරිණාමය වී පැවත එනවා. අප්‍රිකානු බිමේ සිට තමයි මොවුන් මෙලෙස පැමිණිලා තියෙන්නේ. විවිධ කාලයන්ගේ පැවති පරිසර තත්ත්වයන්ට අනුව මොවුන්ගේ හැඩය වෙනස් වීමක් සිදුවී ඇති අයුරු දැකගන්න පුළුවන්. අඩි එක හමාරේ දෙකේ පරිණත සතුන්ගේ සිට අඩි 50ක පමණ සතුන් සිටි පොසිල හමු වෙනවා. අපි හඳුන්වන ඩයිනෝසර් වර්ගයේ සතුන් සමග සිටි සමකාලීන සතුන් විශේෂයක්. මොවුන් සතුව සුවිශේෂී අනුවර්තන හැකියාවන් පවතිනවා. විශේෂයෙන් ආහාර අඩු ප්‍රමාණයක් අරගෙන වුවත් මොවුන්ට ජීවත් වීමේ හැකියාව පැවතුණා. ඒ නිසයි විවිධ කාල...

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා

Image
  සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා බෘහස්පතිය. බෘහස්පතිගේ හරි අපූරු ඡායාරූපයක් නාසා ආයතනය පසුගිය දා ප්‍රසිද්ධියට පත් කළේය. ඒ, නාසා ආයතනයේ බ්ලොක් අඩවිය ඔස්සේය. බෘහස්පති ග්‍රහයා මින් පෙර අපට දකින්න නොලැබුණු අයුරින් මෙම ඡායාරූපය හරහා දකින්න ලැබුණි. ධ්‍රැවීය ආලෝකයෙන් සහ දිදුලන වලාකුළුවලින් බෘහස්පති දීප්තිමත්ය. බෘහස්පතිගේ මෙම ඡායාරූපය තනි ඡායාරූපයක් ලෙස නාසා ආයතනය ප්‍රසිද්ධියට පත් කළත්, මෙම තනි ඡායාරූපය ආලෝකයේ විවිධ තරංග ආයාම කීපයකින් ලබා ගත් ඡායාරූප කීපයක එකතුවකි. මෙම අපූරු ඡායාරූපයේ බෘහස්පති පමණක් නොව, බෘහස්පතිගේ චන්ද්‍රයන් දෙදෙනකු වන ඇමල්තියා සහ ඇඩ්රස්ටියා ද වෙයි. මේ චන්ද්‍රයන් දෙදෙනා, වායු යෝධයකු වන බෘහස්පතිගේ කක්ෂය පහළින් ආලෝකයෙන් දිප්තිමත්ව පෙනෙයි. බෘහස්පතිගේ පෙනෙන නොපෙනෙන වළලුත් දිදුලයි. බෘහස්පතිගේ උත්තර සහ දක්ෂිණ ධ්‍රැවවල උතුරු සහ දකුණු ආලෝක දිස්වන්නේ දීප්තිමත් සුදු පැහැති ගිනිදැල් මෙනි. ‘ඇත්තම කියනවා නම්, මේ විදියට බෘහස්පති දකින්න අප බලාපොරොත්තු වුණේ නැහැ.’ යැයි තාරකා විද්‍යාඥ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉම්කේ ද පැටර් පවසන්නේ මහත් උද්යෝග...

විද්‍යුත් අපද්‍රව්‍ය

                  විද්‍යුත් අපද්‍රව්‍ය අපි එදිනෙදා ජීවිතයේදී පරිගණක, විද්‍යූත් කෝෂ වැනි රසායනික ද්‍රව්‍ය අඩංගු ඉගෙක්ට්‍රොනික උපාංග භාවිත කරන්නෙමු. මේවා අපි කෙටි කලකින් භාවිත කොට සිත් පිත් නැති මිනිසුන් සේ පරිසරයට මුදා හරින්නෙමු. ඔබ දන්නවාද? මේවාපරිසරයට අක්‍රමවත් ලෙස මුදාහැරිය විට පස මෙන් ම ගහකොළ ද නිසරැ තත්ත්වයට පත් වේ. මේ ආකාරයට මිනිසාගේ ආහාර දාමයට ද ගහකොළ මගින් මේවා එක්වී මිනිස් ශරීරයට විවිධ ලෙඩ රෝග එක්විය හැකි ය. ශ්වසන රෝග ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා ආදිය මේවාට හොඳම නිදසුන් ය. අපි මේවා නිසි ලෙස බැහැර කළහොත් පරිසරය සුන්දර වනු ඇත. සමීක්ෂණවලින් දැනට අනාවරණය කරගෙන ඇති ආකාරයට අවුරැද්දකට පරිසරයට මුදා හැරෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් මිලියන 40කටත් වැඩි ය. මේ ආකාරය වෙනස් කිරීමට නම් අප කළ යුත්තේ කුමක් ද? අපට අවශ්‍ය තරමට පමණක් විද්‍යුත් උපාංග භාවිත කිරීමයි. ඒවා නිසි ලෙස බැහැර කිරීම යි. ඒ පිළිබඳව අන් අය දැනුවත් කිරීම යි. එවිට අපට අනාගතයේ පිරිසුදු සුන්දර රටක් බිහි කිරීමට හැකි වනු ඇත.